Story Line
“බිහිසුණු අතීතය වළලා දමා වසර කිහිපයකට පසු, හරිස්චන්ද්ර තම පවුල සමඟ සාමකාමී දිවියක් ගත කිරීමට උත්සාහ කරයි. එහෙත්, අළු යට ගිනි පුපුරු මෙන් පැරණි අපරාධ විමර්ශනය නැවතත් අලුත් මුහුණුවරකින් ඉස්මතු වී ඔවුන්ගේ සැනසීම දෙදරා යයි. නීතියේ රැහැනින් සහ පොලිසියේ නවතම උපාය මාර්ගවලින් තම දරු පවුල ගලවා ගැනීමට, හරිස්චන්ද්ර යළිත් සිය තියුණු බුද්ධිය සහ ධෛර්යය මෙහෙයවන ආකාරය මෙහිදී දිග හැරේ. කුතුහලය සහ ත්රාසය කැටිවූ, නොසිතූ අභියෝග රැසක් මැද ගලා යන මෙම සිනමා නිර්මාණය ප්රේක්ෂක ඔබව මවිත කරනු නොඅනුමානය.”