Story Line

චිත්‍රපටය ආරම්භ වෙන්නේ හංගිලිපොල යෞවන කුමාර කළා කවය කියන ජහුටා කණ්ඩායමේ නාට්‍යයක් පෙන්වන තැනකින් .මෙයාල ඇත්තටම සීගිරිය පාමුල ගමක ජීවත් වෙන,ටෙම්පරි ජොබ් එකක් කරලා ජීවිතේ ගැට ගහගන්නවා වගේ පේන පොඩි නාට්‍ය කණ්ඩායමක්.නමුත් ටිකකින් අපිට තේරුම් යනවා මෙයාල ඒ නාට්‍යය ඇතුලෙම පොඩි පොඩි ජල්තර වැඩ වලට සෙට්වෙන පොඩි ගැන්සියක් කියලත්….

සිඩ්නි ඩයස් (ප්‍රියන්ත සිරිකුමාර) තමයි මේ කණ්ඩායමේ නායකයා.ජහුටා එකේ රජුට රඟපාන්නෙත් සිඩ්නි.එකේ කුමාරයා තමයි ඇන්ජලෝ (අශාන් ඩයස්).දේවියට පන දෙන්නේ චින්තක (අංජන ප්‍රේමරත්න)සහා මේකේ සංගීතය සහ අධ්‍යක්ෂණය නිමලසිරි මාමගේ (සරත් කොතලාවල).මේ නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදකයා තමයි සුළු ව්‍යාපාරික ප්‍රියංකර (තුමිදු දොඩන්තැන්න)

ඉතින් ඔන්න ඔහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්න දඟලමින් එක එක ජල්තර් කරමින් ජීවත්වෙන මේ සෙට් එකට කොළඹ ඉදන් ඒ ජාතියේම වැඩ අරගෙන එන්නේ ස්වාමි කියලා හඳුන්වන පූසාරි කෙනෙක් (ධර්ෂන් ධර්මරාජ්). ඔන්න ඔහොම මේ පූසාරි අරන් එන කොන්ත්‍රාත්තුවක් හින්දා මේ සෙට් එක පැටලෙනවා වාලම්පුරියක් එක්ක.එතන ඉදන් තමයි මෙයාලගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගන්නේ.ඔය ගමනේදී මේ කණ්ඩායමට හම්බෙන පොලිස් සමන් (වසන්ත මොරගොඩ),මැඩම් සිසිකා (දිල්හානි අශෝකමාලා) වගේ අයත් එක්ක පැටලෙමින් මේ වාලම්පුරියේ නූල්බෝලේ ලෙහා ගන්න යන ගමනක් තමයි අපිට වාලම්පුරි හෙවත් හීන හතහමාරක් චිත්‍රපටය ලෙස දකින්න ලැබෙන්නේ.ඉතින් ඒක එයාලා කොහෙන් ලෙහා ගනීද ?ඒක දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා ……