Vijaya Cinema Minuwangoda← Back to programmeBook tickets
ක්‍රිකට් සාදු cover artwork
ක්‍රිකට් සාදු official poster

NOW SHOWING AT VIJAYA CINEMA

THEATRICAL RUNDay 10 in theatres

ක්‍රිකට් සාදු

Not every boundary is drawn in white

Drama

Book tickets
RATINGUniversal
LANGUAGESinhala
FORMAT2D
SUBTITLESEnglish
FULL LENGTH1h 55m
RELEASE DATE28 Aug 2026

OFFICIAL TRAILER

THE STORY

About the film

​සාමකාමී ශ්‍රී ලාංකේය ගම්මානයක් සහ කටුක නාගරික පරිසරයක් අතර දෝලනය වන, ක්‍රිකට් යනු හුදු ක්‍රීඩාවක් පමණක්ම නොවන වටපිටාවක 'ක්‍රිකට් සාදු' කතාව ගෙතෙන්නේ කුඩා පිරිමි ළමයෙකු වටා ය. දුප්පත්කම සහ වැඩිහිටියන්ගේ අසරණ තීරණ හමුවේ ඔහුගේ ජීවිතය අනපේක්ෂිත කඩඉමකට ළඟා වන මොහොතකදීම, ඔහු සතු සුවිශේෂී ක්‍රීඩා කුසලතාවය ලොවට හෙළි වෙයි. ළමා වියේ නිදහස අහිමි වී, සාමණේර හිමිනමක ලෙස සසුන්ගත වන මේ කුඩා දරුවා වත්පිළිවෙත්, විනය සහ විවිධ බලාපොරොත්තු වලින් පිරුණු ලෝකයකට කොටු වෙයි. එහිදී ඔහු තම ගිහි අනන්‍යතාවය සහ පැවිදි අනන්‍යතාවය වෙන් කර හඳුනාගැනීමට දරන්නේ දැඩි අරගලයකි. ​මේ අතර, ධර්මය, විනය සහ නිවැරදි දේ කිරීමේ අභියෝගය පිළිබඳව තවමත් අවබෝධයක් ලබමින් සිටින, නගරයෙන් පැමිණි නවක භික්ෂූන් වහන්සේ නමක්, ගමේ පන්සලේ සිටින මෙම කුඩා සාමණේර හිමියන්ගේ භාරකාරත්වය සඳහා යොමු කෙරේ. සිවුරට මුවා වී සිටින ඒ අහිංසක දරුවාගේ සැබෑ ස්වභාවය වටහා ගන්නා උන්වහන්සේගේ සිතේ ඇතිවන දයාව, තම පැවිදි දිවියට පවා පටහැනි විය හැකි නිහඬ මානුෂීය මෙහෙවරක් බවට පත්වෙයි. මේ දෙපළ වටා සිටින දෙමාපියන්, ගම්වාසීන් සහ සමාජයේ බලධාරීන් ආදරය, බිය, අභිමානය හෝ හුදු පැවැත්ම පදනම් කරගනිමින් කටයුතු කරන අතර, ඒ සෑම ක්‍රියාවක්ම දරුවාගේ අවිනිශ්චිත අනාගතය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරයි. ​'ක්‍රිකට් සාදු' යනු ළමා විය, දෙමාපිය සෙනෙහස, හෘදය සාක්ෂිය සහ දක්ෂතාවය මත රැඳුණු සියුම් බලාපොරොත්තුව පිළිබඳ කියැවෙන සංවේදී මෙන්ම අතිශය ශ්‍රී ලාංකේය කතාපුවතකි. දරුවෙකුගේ සැඟවුණු හැකියාවන් මුළු ලෝකයටම විද්‍යමාන වන මොහොතක, ඔහුව ආරක්ෂා කළ යුතු සමාජය තුළින්ම එම කුසලතාවයන් අහිමි වී යාමේ අවදානමකට ඔහු ලක්වන්නේ කෙසේද යන්න මෙමගින් මනාව නිරූපණය කෙරේ.

ON SCREEN

Cast

BEHIND THE FILM

Crew

LISTEN TO THE FILM

Music & soundtrack

01 TRACK

VERIFIED RATINGS

Ratings & audience reviews

ONE AUDIENCE VOTE PER SIGNED-IN ACCOUNT
0 Critic Reviews
Critics Score
80%2 Audience Reviews
Audience Score
80%161 In-House Vote Reviews
Vijaya In-House Rating

Audience ratings & reviews

2 audience ratings
NNalaka peReRa
6/10★★★★★★★★★★
GGayantha Samaradiwakara.
10/10★★★★★★★★★★

A must watch !!

THE BIG SCREEN IS WAITING

See ක්‍රිකට් සාදු at Vijaya Cinema.

Choose your seats
Book tickets