← Back to programmeView programme 

OFFICIAL TRAILER
THE STORY
About the film
ත්තීය ඡායාරූප ශිල්පියෙකු වන චරිත්, සොඳුරු ගම්මානයකට පැමිණෙන්නේ එහි සුන්දරත්වය තම කැමරාවට හසුකර ගැනීමේ අරමුණෙනි. ගඟකින් එගොඩ වීමට ඔරුවකට නැඟෙන ඔහු, ගමන අතරතුර ගං ඉවුරේ නාන තරුණියක අහම්බෙන් තම කැමරාවට හසුකර ගනී. එම මොහොතේ සිදුවන අනපේක්ෂිත සිදුවීමක් නිසා ඇගේ පෞද්ගලිකත්වය හෙළිවන ඡායාරූපයක්ද කැමරාවේ සටහන් වේ. එම තරුණිය චමලිය. තමා ඡායාරූපයට හසුකරගෙන ඇති බව දැනගන්නා ඇය ඒ බව තම වැඩිමහල් සොහොයුරා වන ටයිගර් සමන්ට පවසයි. කෝපයට පත්වන ඔහු චරිත් සොයා යාමත් සමඟ, සරල අහඹු සිදුවීමක් විශාල ගැටුමකට හැරෙන්නට පටන් ගනී. එතැනින් ඉදිරියට එම ඡායාරූපය සහ ඒ වටා ඇතිවන සිදුවීම් සමාජ මාධ්‍යය දක්වා පැතිරෙමින්, තරුණියකගේ ජීවිතයට සහ ඇගේ සමාජ පැවැත්මට දැඩි බලපෑම් ඇති කරයි. Sheruni Horanage චිත්‍රපටයේ තේමාව විස්තර කරන්නේද සමාජ මාධ්‍ය හරහා තරුණියන්ට සිදුවන හිරිහැර සහ එයට පසුව ඔවුන්ට සමාජයට මුහුණ දීමට සිදුවන ආකාරය ගැන කතා කරන නිර්මාණයක් ලෙසයි. “ගිනියම් යාමය” යනු එක් නොසැලකිලිමත් මොහොතක්, පෞද්ගලිකත්වය, සමාජ මාධ්‍ය, පවුල් ආරක්ෂාව සහ පළිගැනීම අතරින් ජීවිත කිහිපයක් වෙනස් කරන ආකාරය විමසා බලන සමාජමය thriller-drama චිත්‍රපටයකි.
ON SCREEN
Cast
BEHIND THE FILM
Crew
VERIFIED RATINGS
Ratings & audience reviews
VERIFIED AUDIENCE REVIEWS
Continue with Google
Use any Google or Gmail account. One verified vote is stored per account, and you can also write a public audience review.How we use your account informationAudience ratings & reviews
0 audience ratingsNo audience ratings yet. Be the first to rate this film.
THE BIG SCREEN IS WAITING







