Vijaya Cinema Minuwangoda← Back to programmeView programme
ඔස්කාර් cover artwork
ඔස්කාර් official poster

NOT CURRENTLY SCHEDULED

ඔස්කාර්

“සිනමාව නිසා නිරුවත් වූ ආත්ම ගෞරවය”

Drama : Social Drama

View programme
RATINGAdults Only
LANGUAGESinhala
FORMAT2D
SUBTITLESEnglish
FULL LENGTH1h 33m
RELEASE DATE10 Jul 2026

OFFICIAL TRAILER

THE STORY

About the film

කලක් අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රවීණ සිනමා නිර්මාණකරුවෙකු අද ගත කරන්නේ තම අතීත කීර්තියෙන් දුරස්ව, විශාල බංගලාවක හුදකලා වූ ජීවිතයකි. අතීතය නැවත සිහිපත් කරන ඔහු, තමන්ගේම ජීවිත අත්දැකීම් ඇසුරෙන් නව චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තීරණය කරයි. එම චිත්‍රපටය පිළිබඳ පුවත පැතිර යද්දී, සිනමාවට පිවිසීම තම විශාලතම සිහිනය කරගත් තරුණ නවක නිළියක් ඔහුව සොයා පැමිණෙයි. තම පළමු සිනමා අවස්ථාව ලබා ගැනීම වෙනුවෙන් ඇය සීමාවන් ඉක්මවා යාමටත්, විශාල පරිත්‍යාග කිරීමටත් සූදානම්ය. ඇගේ සිහිනය හුදෙක් නිළියක වීමෙන් අවසන් නොවේ — ඇයට අවශ්‍ය වන්නේ දිනෙක ලෝකයේ ඉහළම සිනමා සම්මානයක් වන “Oscar” දක්වා ගමන් කිරීමයි. එහෙත් සිනමා ලෝකයේ දිදුලන තිරය පිටුපස සැඟවී ඇති බලය, ආශාව, ලිංගික සූරාකෑම, අභිලාෂය, කැපකිරීම් සහ ආත්ම ගෞරවය ඇගේ ගමන තවත් සංකීර්ණ කරයි. “ඔස්කාර්” යනු වයස්ගත සිනමාකරුවෙකුගේ අතීතය සහ ඕනෑම මිලකට තම සිහිනය කරා යාමට උත්සාහ කරන තරුණ නිළියකගේ අභිලාෂය එකිනෙක ගැටෙන මොහොතක, සිනමා කර්මාන්තයේ දිදුලන මුහුණට පිටුපස ඇති අඳුරු පැතිකඩ විමසා බලන සමාජ නාට්‍යයකි.

VERIFIED RATINGS

Ratings & audience reviews

ONE AUDIENCE VOTE PER SIGNED-IN ACCOUNT
0 Critic Reviews
Critics Score
10%1 Audience Review
Audience Score
0 In-House Vote Reviews
Vijaya In-House Rating

Audience ratings & reviews

1 audience rating
NNalaka peReRa
1/10★★★★★★★★★

THE BIG SCREEN IS WAITING

ඔස්කාර් is not currently scheduled.

View programme
View programme