Vijaya Cinema Minuwangoda← Back to programmeView programme
රජ දහන cover artwork
රජ දහන official poster

NOT CURRENTLY SCHEDULED

රජ දහන

“පිය සෙනෙහසට සීමාවක් නැහැ…”

Family Drama

View programme
RATINGUniversal
LANGUAGESinhala
FORMAT2D
SUBTITLESEnglish
FULL LENGTH1h 45m
RELEASE DATE19 Jun 2026

OFFICIAL TRAILER

THE STORY

About the film

ගාමිණී යනු කොළඹ නගරාසන්නයේ කුලී නිවසක සිය බිරිඳ ශ්‍යාමා සහ කුඩා පුතු සමඟ ජීවත් වන දුප්පත් තරුණ පියෙකි. ස්ථිර රැකියාවක් නොමැති ඔහු, ලැබෙන ඕනෑම කුලී වැඩක් කරමින් තම පවුල රැකබලා ගනී. ගායනයට දක්ෂතාවයක්ද ඇති ගාමිණීගේ සරල ජීවිතය එක් දිනක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ, බිරිඳ තම කුඩා දරුවා අතහැර නිවසින් පිටව යාමත් සමඟය. තම පුතු රැගෙන කුලී නිවසින්ද පිටවීමට සිදුවන ගාමිණී, අබලන් දුම්රිය මැදිරියක් තම නවාතැන කරගෙන පදික වේදිකාවේ ගීත ගයමින් ජීවිකාව ගෙන යයි. දරිද්‍රතාවය සහ අසරණකම අතර වුවද, තම පුතුගේ අනාගතය වෙනුවෙන් ඔහු කරන කැපකිරීම් නතර නොවේ. අදාළ ලේඛන නොමැතිකම නිසා දරුවා පාසලකට ඇතුළත් කිරීම පවා අභියෝගයක් වන නමුත්, කාරුණික පියතුමකුගේ උපකාරයෙන් ඔහුට අධ්‍යාපනය ලබාදීමට ගාමිණී සමත් වෙයි. වසර ගණනාවක කැපකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස පුතු චරිත් ඉගෙනීමෙන් ඉදිරියට ගොස් අවසානයේ වෛද්‍යවරයෙකු බවට පත්වෙයි. එහෙත් ඉහළ සමාජයට පිවිසෙන චරිත්ට, පදික වේදිකාවේ ගීත ගයා ජීවත්වන තම පියා ලැජ්ජාවට කරුණක් බවට පත්වෙයි. පොහොසත් පවුලක වෛද්‍ය ශිෂ්‍යාවක් සමඟ ඔහු ආදරයෙන් බැඳීමත් සමඟ පියා සහ පුතා අතර දුරස්ථභාවය තවත් වැඩිවෙයි. “රජ දහන” යනු තම පුතුගේ අනාගතය වෙනුවෙන් ජීවිතයම කැප කරන පියෙකු සහ සමාජයේ ඉහළට ගිය පසු තම අතීතය පිළිබඳ ලැජ්ජාවට පත්වන පුතෙකු අතර ඇතිවන ගැටුම ඔස්සේ පිය සෙනෙහස, කැපකිරීම, දරිද්‍රතාවය, අධ්‍යාපනය සහ සමාජ පන්ති භේදය ගැන කතා කරන සංවේදී family drama එකකි

VERIFIED RATINGS

Ratings & audience reviews

ONE AUDIENCE VOTE PER SIGNED-IN ACCOUNT
0 Critic Reviews
Critics Score
0 Audience Reviews
Audience Score
0 In-House Vote Reviews
Vijaya In-House Rating

Audience ratings & reviews

0 audience ratings

No audience ratings yet. Be the first to rate this film.

THE BIG SCREEN IS WAITING

රජ දහන is not currently scheduled.

View programme
View programme